මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානයකර මියගිය ධීවරයින්ගේ සිරුරු දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානයකර මියගිය ධීවරයින්ගේ සිරුරු දිවයිනට

මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානයකර මියගිය ධීවරයින්ගේ සිරුරු දිවයිනට

මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්  "ඩෙවොන් 05" ධීවර යාත්‍රාවේ ධීවරයින් 04 දෙනොගේ මළ සිරුරු අද (03) උදෑසන තංගල්ල ධීවර වරායට රැගෙන විත් තිබේ.

 

කාර්මික දෝෂයට ලක් ව තිබු එම යාත්‍රාව තවත් යාත්‍රාවක් යොදා ගනිමින් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.

 

මහෙස්ත්‍රාත්වරයා පැමිණ මළ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් අදාළ මළ සිරුරු යාත්‍රාවේම තබා ඇති බව තංගල්ල පොලීසිය සඳහන් කළේය.

 

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ මළ සිරුරු තංගල්ල රෝහල වෙත රැගෙන යාමට නියමිතය.

views

222 Views

Comments

arrow-up