PHI කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

PHI කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත් වෙයි

PHI කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත් වෙයි

අද (17) දහවල් 12.30 සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

 


එම සංගමයේ සභාපති, එම්.ජී.යු.රෝහණ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත මේ බව ලිඛිතව යොමු කර ඇත.

 


නීතිමය රැකවරණය රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් එම සංගමය මෙම තීරණය ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 


ඒ අනුව එම සංගමයේ විධායක සභාව විසින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, හෙට (18) දිනයේ දී පැවැත්වෙන දිස්ත්‍රික් නියෝජිත හමුවේ දී මේ සම්බන්ධයෙන් සමාලෝචනය කර ඉදිරි තීරණ දැනුම් දෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් දක්වයි.

 

 

 

views

1247 Views

Comments

arrow-up