රාඩා නඩුවෙන් ටිරාන් අලස් නිදහස්

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවකින් ඔවුන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළා
ඒ, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල විනාශයට පත් වු නිවාස ඉදිකිරීම සඳහා භාණ්ඩාගාරයෙන් රාඩා නැමැති රාජ්‍ය ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 200 ට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
මෙම නඩුවේ අධිචෝදනාවලට අදාළ ලේඛනවල මුල් පිටපත් නොමැති බැවින් ඡායා පිටපත් මත නඩුව පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ටිරාන් අලස්, හිටපු එල්. ටී. ටී. ඊ. නායකයකු වන එමිල් කාන්තන්, රාඩා ආයතනයේ හිටපු ප‍්‍රධාන විධායක නිළධාරි සාලිය වික‍්‍රමසූරිය සහ ජයන්ත ඩයස් යන අය නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
704 Views
Comments