කරාපිටිය හා අකුරැස්සේ 50 දෙනෙකු දියතලාවට රැගෙන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

කරාපිටිය හා අකුරැස්සේ 50 දෙනෙකු දියතලාවට රැගෙන යයි

කරාපිටිය හා අකුරැස්සේ  50 දෙනෙකු දියතලාවට රැගෙන යයි

කොරෝනා  ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා  වයිරසයට ගොදුරු වී ඇතැයි සැක පිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන  මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි.


 
යුද හමුදා අධික්ෂණය යටතේ මෙම පිරිස පළමුවන ගැන ගැමුණු හේවා බල ඇණි නිරෝධායන මධ්‍යස්ථානයේදී  නිරෝධායනය  සඳහා යොමුකළ බව දිය තලාව යුධ හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසුවා.


 
පිරිමි 17ක්, ගැහැණු 17ක් ගැහැණු ළමුන්  9ක්  පිරිමි ළමුන්  7ක් මෙම කඳවුරට ඇතුළත් කර තිබෙනවා. 


 
දියතලාව යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල මීට පෙර නිරෝධායනය වූයේ  විදේශ රටවල සිට පැමිණි  ශ්‍රී ලාංකිකයින්.

views

663 Views

Comments

arrow-up