පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් තුනක් අත්අඩංගුවට

ගාල්ල ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරදු 33 හා 38 යන වයස්වල පසුවෙති.ඔවුන් සතුව තිබී දුරකථන 05ක්, හිමිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ්පත් 04ක් පොලිස් භාරයට ගෙන ඇත.
ගාල්ල පොලිස් වසමේ බෝපේ පාර, ගිංතොට ප්‍රදේශයේදී ඊයේ සවස සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
173 Views
Comments