MAY
13
මාතර වෙරළට තල්මස් සිරුරක් ගොඩගසයි

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබේ.
මෙලෙස ගොඩගසා ඇති තල්මස් සිරුර දිග මීටර් 5ක් පමණ වන බව වාර්තාවේ.
මිරිස්ස වනජීවී කාර්යාලය පවසන්නේ තල්මසාගේ සිරුරේ කිසිදු කැපුම් තුවාලයක් දක්නට නොලැබෙන බවය.
මෙම තල්මසාගෙ මරණයට හේතුව පශ්චාත් මරණප පරීක්ෂණයෙන් පසුව හඳුනාගැනීමට බලාපොරොත්තු වන බවත් උඩවලව වනජීවී ඒකකයේ වෛද්‍යවරයකු විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව බවත් මිරිස්ස වනජීවි කාර්යාලය සඳහන් කර සිටී.
213 Views
Comments