NOV
15
තිරිගු පිටි මිල ඉහළට

ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රිමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී තිබෙනවා.
ප්‍රිමා සමාගම විසින් මීට ප්‍රථම පිටි මිල වැඩි කර පසුව රජයේ ඉල්ලීමක් මත පසුගිය දා මිල අඩු කෙරිණා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රිමා තිරිගු පිටි රු 8.50 ඉහළ දැමීමත් සමඟ ප්‍රිමා තිරිගු පිටි කිලෝවක් රු 104.50 දක්වා ඉහළ යන බවත්, මෙයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යා හැකි බව බේකරි හිමියෝ පවසයි.
841 Views
Comments