තවත් පෙර සූදානමක් - පාසල් 120කට සුවතා කාමර

ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා පාසල් 120කට සුවතා කාමර පිහිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහාය පළකර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාදෙන නිර්දේශවලට අනුව මෙම සුවතා කාමර ඉදිකිරීමට සූදානම් බවයි.
යාපනය කිලිනොච්චිය ලතිව් වව්නියාව ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර අනුරාධපුරය මහනුවර මොණරාගල ගම්පහ යන දිස්ත්‍රික්ක වල පාසල්හි මෙම සුවතා කාමර ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව තනාපති කාර්යාලය සඳහන් කරනවා.
එම සුවතා කාමරවල ඇඳන් මෙට්ට ප්‍රථමාධාර කට්ටල විවිධ ස්ථානයන්ට ගෙන යා හැකි ඉර සහ බෙහෙත් ශාලා ද ඇතුළත් බවයි තානාපති කාර්යාලය නිවේදනය කළේ.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයෙහි ආධාර යටතේ මෙම සුවතා කාමර ඉදි කෙරෙන බවයි ඇමරිකා තානාපති වරිය වැඩිදුරටත් කියා සිටියේ.
688 Views
Comments