කරාපිටිය රෝහලේ මියගිය දෙදෙනෙකුට කොරෝනා

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳෙවියකුට හා හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) තහවුරු වි තිබෙනවා
මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ එම රැඳවියාගේ ශරීරයේ තිබූ තුවාල නිසා ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (22) රාත්‍රී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර හෘද රෝගයකින් පෙළුණු කාන්තාවක් ඊයේ (22) කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු 52 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.
මෙම කාන්තාව මියයාමෙන් පසු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා
782 Views
Comments