කල් ඉකුත් වූ රථවාහන දඩ ගෙවන්න සහන කාලයක්

කාලය ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා තවදුරටත් අතිරේක සහන කාලයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව මැයි 11 සිට මැයි මස 29 දක්වා එම දඩ පත්‍රිකා ගෙවීමට හැකියි.
ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු නිරෝධායන කටයුතු සඳහා වසා දමා තිබූ ප්‍රදේශවල ස්ථාපිත තැපැල් කාර්යාල මගින් දඩ මුදල් ගෙවිම සඳහා මෙතෙක් ජනතාවට අවස්ථාව හිමි නොවිම හේතුවෙන් ඔවුන්ට සහන කාලයක් ලබාදීමට තීරණය කළ බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මාර්තු 1 දිනට හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩ මුදල් රහිත සහන කාලයක් හිමි වනවා.
එසේම පෙබරවාරි 16 වන දා සිට පෙබරවාරි 29 වන දින දක්වා නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා සඳහා දින 28 ක කාලයක් තුළ ගෙවිම් සඳහා සම්මත දඩ ගාස්තුවක් සඳහා දඩ පත්‍රිකා භාර ගැනීමට සහන කාලයක් ද හිමිවනවා.
හෙට සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල විවෘතව තබන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
791 Views
Comments