සියලු දුම්රිය සේවාවන් අත්හිටුවයි

අද(20) පස්වරු 6.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ සියලු දුම්රිය සේවාවන් අද පස්වරු 3.30 සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති කාලය තුළ සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද දිනයේ අවසන් දුම්රිය පස්වරු 3.30 ට කොළඹ කොටුවේ සිට මහව දක්වා ධාවනය බවයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ ඇඳිරි නීතිය හේතුවෙන් සියලුම රාත්‍රී තැපැල් දුම්රියන් මෙන්ම දුර ගමන් සේවා දුම්රියන් ද අවලංගු කෙරෙන බවයි.
කෙසේවෙතත් අද(20) උදෑසන කොළඹට පැමිණි මගී ජනතාවට යළි ගම්බිම් කරා යාම සඳහා දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව සාමාන‍්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සහ නුවර දක්වා දුම්රිය තුනක්, උතුරු මාර්ගයේ කන්කසන්තුරෙයි - අනුරාධපුර සහ මහව දක්වා දුම්රිය 03ක් සහ මුහුදු බඩ මාර්ගයේ දකුණු කළුතර, බෙලිඅත්ත සහ මාතර දක්වා දුම්රිය 03ක් ධාවනය යෙදවීමට කටයුතු කර ඇති බව සාමාන්‍යකාරීවරයා පැවසුවේය.
659 Views
Comments