පච්චයක් ගහගෙන කොන්ඩය වවාගෙන ආ පලියට තරුණයෙක් රස්තියාදු කාරයෙක් වෙන්නෙ නැහැ – නාමල් රාජපක්ෂ

අපි තරුණයා දිහා බලන ක්‍රමය වෙනස් කිරීමට කාලය එළඹ ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.
මිට කාලයකට පෙර කොන්ඩේ වවාගෙන අතේ පච්චයක් ගහගෙන එන තරුණයින් දිහා සමාජය බැලුවේ IRC කාරයෙක්, රස්තියාදුකාරයෙක් කියලා. නමුත් එය අද විලාසිතාවක් වෙලා.
අපි තේරුම් ගන්න ඕන කොන්ඩේ වවාගෙන එන තරුණයාගේ පමණක් නොවේ මම වගේ ඩෙනිම සහ ටිෂරට්ය ඇදන් එන තරුණයා වෙනුවෙන් කටයුතු කිරිමට ජාතික තරුණ සේවා සභාවට වගකීමක් ඇති බවත් ඒ සඳහා තරුණ සේවා සභාවේ සියළු දෙනා කටයුතු කළ යුතු බව කියා සිටියා.
962 Views
Comments