ලක්ෂ පන්සීයක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

ලක්ෂ පන්සීයක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ලක්ෂ පන්සීයක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට ආසන්න  වටිනාකමකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

 

ලද තොරතුරක් මත පානදුර වලපල ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ දී පරීක්ෂා කිරිමේදී සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කීය.

 

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බව කියන ඩුබායි තරංග නමැත්තාගේ ප්‍රධාන ගෝලයා බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

පානදුර වලපොල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

views

207 Views

Comments

arrow-up