බස් - ත්‍රිවිල් ගැටී සිදුවූ අනතුරින් සිව්දෙනෙක් රෝහලට

මාතර - කතරගම මාර්ගයේ තංගල්ල උණාකුරුව ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් සිව්දෙනෙක් තුවාල ලබා ඇත.
අනතුරට ලක්වූ බස් රථය අම්පාර, වඩිනාගල ප්‍රදේශයේ සිට පෙර පාසල් ළමුන් හා දෙමාපියන් රැගෙන දකුණු පළාතේ විනෝද චාරිකාවක් සඳහා පැමිණෙමින් සිටිය දී මෙම සිදුවීමට මුහුණ දී තිබේ.
බස්රථය ත්‍රිරෝද රථයේ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් මව, පියා, පුතා සහ එහි රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
බරපතළ තත්ත්වයෙන් සිටි මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත මාරුකර යවා තිබේ.
198 Views
Comments