වත්මන් කොරෝනා තත්වය ගැන කිසිවකුට අවබෝධයක් නෑ – PHI සංගමය

සෞඛ්‍ය අමාත්‍යාංශය – රජය හා ජනතාව යන පාර්ශව තුනම රටේ පවතින කොරෝනා තත්වය නිසි පරිදි අවබෝධ කර නොගෙන කටයුතු කරන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
කොරෝනා එන්නත ලබාගැනීම තුල සියලුම ප්‍රශ්න විසඳෙන බවට සිතා හැසිරීම නොකළ යුතු බවත් අහඹු සාම්පල ලබාගෙන සැක සහිත ස්ථාන වල PCR පරීක්ෂණ සිදුකරමින් පවතින තත්වය නිසියාකාරව අවබෝධ කරගතයුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව බස්නාහිර පළාතේ සිදු කෙරෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව සීග්‍රයෙන් පහළ ගොස් ඇති බවයි.
නමුත් මරණ සංඛ්‍යාව ඉහළ යාමෙන් සමාජයේ රෝගීන් නොමැති බව සඳහන් කළ නොහැකි බවත් ඒ මහතා සඳහන් කරනවා. කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල තුල ගැටලු පවතින බවයි උපුල් රෝහණ මහතා අවධාරණය කළේ.
විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාවේ ප්‍රාදේශීය දේශපාලන බල අධිකාරිය දිගින් දිගටම එන්නතකරණයට බලපෑම් කරමින් සිටින බවට ඒ මහතා චෝදනා කරනවා.
760 Views
Comments