APR
19
සිරිල් ගාමිණි පියතුමා සීඅයිඩීයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට “ඥානාර්ත ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.
ඒ අනුව සිරිල් ගාමිණි පියතුමන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
"පාස්කු ප්‍රහාරයට අදාළව අවස්ථා ගත කරුණු ඔබ දන්නා බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් කරුණු විමසීමට අදහස් කර ඇති බව" අදාළ කැඳවීමේ ලිපියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි.
205 Views
Comments