තිරිඟුපිටි බදු රු.36 සිට රු.8 දක්වා අඩු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

තිරිඟුපිටි බදු රු.36 සිට රු.8 දක්වා අඩු කෙරේ

තිරිඟුපිටි බදු රු.36 සිට රු.8 දක්වා අඩු කෙරේ

ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රුපියල් 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රුපියල් 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී තිබෙනවා.

 

 


මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් දෙසැම්බර් මස 14 වන දින සිට මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වෙනු ඇති.

 

 


පිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම හේතුවෙන් පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා .

 

views

747 Views

Comments

arrow-up