පැයකට ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 යි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

පැයකට ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 යි

පැයකට ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 යි

මෙවර  ඡන්ද  පත්‍රිකාව දිගු වීම නිසා  පැයක් තුළදී  ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 ක් පමණ වන බව මැතිවරණ නිරීක්ෂණ සංගම් පවසනවා.

 

එක් ඡන්ද දායකයකුට ගතවන කාලය ගණනය කිරීමෙන් අනතුරුව  මැතිවරණ නිරීක්ෂණ සංගම් මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියි.

 

ඒ හෙයින්  හෙට (16) ජන්දය ප්‍රකාශ කිරීම  සඳහා  ලබා දී ඇති කාලය තුළදී  හැකි තරම් උදෑසනින් ගොස් සිය ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත්ම යෝග්‍යම  හා පසුම කාර්යය බවද ඔවුන් සදහන් කරයි. හෙට උදෑසන 7 සිට සවස 5 තෙක් ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

 

පත්‍රිකාවේ දිග හේතුවෙන් මෙවර ඡන්දය ලබා දීමේ කාල සීමාව  පස්වරු 5 දක්වා දීර්ඝ කර ඇතැයි ද එම සංගම් පවසයි.

views

783 Views

Comments

arrow-up