ජොන්ස්ටන්ගේ සුවදුක් බලන්න මහින්ද වැලිකඩට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

ජොන්ස්ටන්ගේ සුවදුක් බලන්න මහින්ද වැලිකඩට

ජොන්ස්ටන්ගේ සුවදුක් බලන්න මහින්ද වැලිකඩට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට අද (25) දින වැලිකඩ බන්ධනාගාරයටගොස් තිබේ.

 

මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන BMW වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත්තේය.



අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන (30) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

 


ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය 2022 හිටපු අගමැති මහින්ද වෙනුවෙන් මැයි 9 දින අරගලයට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමේ ප්‍රමුඛයෙකු වූ අතර මහින්ද වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බවට සපථ කර සිටි අයෙකි.

views

170 Views

Comments

arrow-up