සිවාජිලිංගම් අත්අඩංගුවට

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණය මඟහැරීමේ චෝදනාව මත වැල්වැටිතුරෛයි පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇතිි බව වාර්තා වේ.
2018 වසරේ නීති විරෝධී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශිවාජිලිංගම් මහතාට නොතීසි නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් එම නොතීසියට අනුව අධිකරණයේ පෙනී නොසිටි එම්.කේ.ශිවාජිලිංම් මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබු බව පොලීසිය සඳහන් කළේය.
768 Views
Comments