සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට එජාපයට කිසිදු ගැටළුවක් නැහැ - රුවන්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබල වේගය හා එක්ව කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් නැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ජනතාවගේ යහපත උදෙසා ඉදිරි දේශපාලන කටයුතුවලදී එක් දේශපාලන ගමනක් යාමට කිසිදු බාධාවක් නොමැති බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පුද්ගලයෙකු නම් කිරීම ලබන සතියේ සිදු කරන බවත් එජාප නියෝජ්‍ය නායකවරයා රත්නපුරේ පැවති වැඩසටහනකදී අනාවරණය කළා.
1102 Views
Comments