කොරෝනා මරණ අනිවාර්ය ආදාහනයට එරෙහි පෙත්සම සලකා බැලීම 30 වනදා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

කොරෝනා මරණ අනිවාර්ය ආදාහනයට එරෙහි පෙත්සම සලකා බැලීම 30 වනදා

කොරෝනා මරණ අනිවාර්ය ආදාහනයට එරෙහි පෙත්සම සලකා බැලීම 30 වනදා

කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කල යුතු බවට පනවා ඇති නියමයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

 

ඒ, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා ඇතුලු පිරිසක් විසින් මෙම පෙත්සම ගොණු කළා.

 

ඔවුන් පෙන්වා දෙන්නේ මළ සිරුරු අනිවාර්ය ආදාහනය සිය ආගමික ඇදහීමට පටහැණි බවයි.

 

views

664 Views

Comments

arrow-up