අලි මිනිස් ගැටුම විසදීමට මාස දෙකක් තුළ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් කෝප් කමිටුව නිර්දේශ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

අලි මිනිස් ගැටුම විසදීමට මාස දෙකක් තුළ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් කෝප් කමිටුව නිර්දේශ කරයි

අලි මිනිස් ගැටුම විසදීමට මාස දෙකක් තුළ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් කෝප් කමිටුව නිර්දේශ කරයි

මේවන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම විසදීම සදහා ලබාදී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට මාස දෙකක් තුළ එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාල බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

 

අලි මිනිස් ගැටුමට අදාල විසදුම් සෙවීම සදහා අතිගරු ජනාධිපතිතුමා විසින් පත්කළ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මේවන විට ජනාධිපතිවරයාට පිළිගන්වා ඇති අතර ඊට අමතරව විද්වත් කමිටුවක් විසින් 2006 වසරේදි අලි මිනිස් ගැටුම විසදීමට අදාලව සැකසූ ජාතික ප්‍රතිපත්තිය ද සමාලෝචනය කොට මෙම ක්‍රියාකාරි සැලැස්ම සකස්කරන ලෙස කෝපා කමිටුව දැනුම්දුන්නේය.

 

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් පසුගිය දෙසැම්බර් 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.

 

එබැවින් මෙම ගැටලුව සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

 

අතිගරු ජනාධිපතිතුමාට පිළිගැන්වූ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් මෙහි සමස්ත වගකීම ලබාදිය නොහැකි බවත් ඒ සදහා ජනතාවගේම මූලිකත්වයෙන් ‍අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව,මහවැලි අධිකාරිය වැනි ආයතනවල දායකත්වයෙන් විදුලිවැට ඉදිකිරීම සහ නඩත්තු කිරීම සිදුකළ යුතු බවත් මෙහිදී අනාවරණය විය.

 

තවද ප්‍රජාමූලික ග්‍රාමිය විදුලි වැට සහ වගා කරන කාලයට පමණක් ක්‍රියාත්මක විදුලි වැට විකල්ප යෝජනා ලෙස මෙම නිර්දේශවල අන්තර්ගතව ඇත.

 

මේවන විට අලි මිනිස් ගැටුම විසදීමට අදාල යෝජනා ප්‍රතිපත්ති ලේඛනවල තිබුණද ඒවා බිම්මට්මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම විශාල ගැටලුවක් බවත් කමිටුව පෙන්වා දුන්නේය.

 

මීට පෙර අලි මිනිස් ගැටුමට අදාල නිර්දේශ ලෙස පැවති අලි රක්ෂිත සහ අලි කොරිඩෝ ඉදිකිරීම නිසි පරිදී සිදු නොවීම ,අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විෂය නිර්දේශයට මෙම ගැටලුවට අදාළ කරුණු මේවන තෙක් ඇතුළත් නොවීම ,විදුලි වැට නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම වැනි විගණන විමසුම් පිළිබදවද කමිටුවේ අවධානය යොමුවූ අතර ඒ පිළිබද කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයද අවධාරණය කෙරිණි. .

views

680 Views

Comments

arrow-up