PCR වාර්තා ප්‍රමාදයක් ගැන PHI සභාපති කියයි – නිලධාරීන්ගේත් හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

PCR වාර්තා ප්‍රමාදයක් ගැන PHI සභාපති කියයි – නිලධාරීන්ගේත් හිඟයක්

PCR වාර්තා ප්‍රමාදයක් ගැන PHI සභාපති කියයි – නිලධාරීන්ගේත් හිඟයක්

පසුගිය දින කිහිපයේදී සිදුකල පළමු පෙළ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල රැසක් මේ වනවිටත් ලැබී නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

"පසුගිය 23 වැනිදා ඉඳලා ම් තරමක ප්‍රමාදයක් තියෙනවා කලින් වගේ එක් දිනයක් හෝ ආසන්න කාලයක් තුළදී ලබා ගැනීමේ හැකියාව නෑ... විශේෂයෙන්ම විශාල සංඛ්‍යාවක් ආසාදිත සහ ආශ්‍රිත යෝ වාර්තා වෙද්දි PCR පරීක්ෂණ සඳහා සාම්පල විශාල සංඛ්‍යාවක් ලංකාවෙන් යොමුවීම නිසා ප්‍රමාදයක් තිබෙන බව තියෙන්න තිබෙනවා...

 

එකේ යම් සත්‍යතාවයක් තියෙනවා.... නමුත් අපි ඍජුවම චෝදනා කළේ නෑ.... මේ සති දෙකක් තුනක් ප්‍රමාදයි කියන එක සම්බන්ධයෙන්... කෙසේවෙතත් යම් ප්‍රමාදයක් තිබෙනවා.... ඒකට පිළියම් බලධාරීන් හොයයි කියලා බලාපොරොත්තු වෙනවා...."

 

මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයක් පවතින බව ද ඔහු සඳහන් කළා. "පසුගිය අවස්ථාවේදී කණ්ඩායම් දෙකක් පුහුණුව සඳහා විටින් විට බඳවාගැනීම් කරලා තියෙනවා.... තවත් කණ්ඩායමක් පුහුණුව ලබමින් ඉන්නවා...

 

මේ වෙද්දි පුහුණුව අඩාල වෙලා තියෙනවා... මේ තත්ත්වයත් එක්ක... කෙසේවෙතත් කඩිනමින් මේ තත්ත්වයට මුහුණදීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තව කණ්ඩායම් දෙකක් වත් අවම වශයෙන් පුහුණු කර මුදා හැරිය යුතුයි කියන එක බලධාරීන්ගේ අවධානයට යොමු කරවනවා...."

 

 

views

731 Views

Comments

arrow-up