ලඟදීම ඩිජිටල් දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් !

දැනට පාවිච්චි කරන දුම්රිය ප‍්‍රවේශපත‍්‍රය වෙනුවට ඩිජිටල් දුම්රිය ප‍්‍රවේශ පත්‍රයක් හදුන්වාදීමට කටයුතු කරන බව දුම්රියසේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා ජාතික පුවත්පතකට පවසා තිබෙනවා.
ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ඔහු සදහන් කර තිබෙන්නේ.
නව දුම්රිය ප‍්‍රවේශපත්‍රය අවශ්‍ය විටෙක රීලෝඩ් කරගෙන පාවිච්චි කරගත හැකි අාකාරයෙන් ඒ සදහා අවශ්‍ය මධ්‍යස්ථන දුමිරිය ස්ථානවල ස්ථාපිත කිරීමට කටයුතු යොදන බවත් සදහන් කර තිබෙනවා.
එමෙන්ම සියලූම දුම්රිය ස්ථාන ඩිජිටල් කරණය කිරීමට සහ දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරීමට කටයුතු කරන බවක් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
719 Views
Comments