නිරෝධායනයට පිරිසක් රැගෙන ගිය බසයක් අනතුරකට ලක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

නිරෝධායනයට පිරිසක් රැගෙන ගිය බසයක් අනතුරකට ලක්වෙයි

නිරෝධායනයට පිරිසක් රැගෙන ගිය බසයක් අනතුරකට ලක්වෙයි

ලෙබනනයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථයක් අද උදෑසන (27) කිලිනොච්චිය විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරේ අනතුරට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසනවා.

 

ලෙබනනයේ සිට පැමිණි ශ්‍රීලාංකිකයින් 256 ක් නිරෝධායනය කිරීම සඳහා බස් රථ කිහිපයකින් අද (27) උදෑසන විඩත්තපලෙයි යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන යමින් සිටියදී එක් බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවට පොලීසිය පැවසුවා.

 

අනතුරට ලක් වූ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරීක්ෂණ වලදී හෙලි වී ඇති අතර, නින්දයාම හේතුවෙන් බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසලින් ඉදිකොට තිබූ විශාල ජලනලයක වැදී නැවතී තිබෙනවා.

 

බස් රථය තුල සිටි 17 දෙනෙකු තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත් කොට ඇති අතරම ඉන් බස් රථයේ රියදුරු ඇතුලු කාන්තාවන් දෙදෙනෙකු බරපතල තත්වයෙන් යාපනය ශික්ෂන රෝහලට ඇතුලත් කළ බවද පොලීසිය සඳහන් කළා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

582 Views

Comments

arrow-up