FEB
20
අත්අඩංගුවට ගත් සැකකරු ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු නොවෙයි?

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ මීගමුව පාලවිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ උසාවියේදී වෙඩි තැබූ වෙඩික්කරු නොවන බවට සැකයක් ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිවේදී ටිරන්ත වලලියද්ද මහතා පවසයි.
මෙම වෙඩික්කරු යුද හමුදා කොමාන්ඩෝ බලකායේ සේවය කළ අයෙක් යැයි මුලින් පවසා ඉන්පසු ඔහු ඔහු කොමාන්ඩෝ බලකායේ සේවය නොකළ බවත් හමුදාවේ සිටියදී පැනගිය සෙබළෙක් බවත් ඔහු හමුදා බුද්ධි අංශයේ සිටි අයෙකු නොවන බවත් පැවසීම ද සැකයට තුඩු දෙන බව ද සදහන් කරයි.
593 Views
Comments