පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත්තොත් පූජිත්ට තානාපතිකමක් දෙන්න මෛත්‍රී උත්සහ කළා - හේමසිරි කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත්තොත් පූජිත්ට තානාපතිකමක් දෙන්න මෛත්‍රී උත්සහ කළා - හේමසිරි කියයි

පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත්තොත් පූජිත්ට තානාපතිකමක් දෙන්න මෛත්‍රී උත්සහ කළා - හේමසිරි කියයි

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධුරයෙන් ඉවත් වුවහොත් තානාපති ධුරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් වුවහොත් මේ පිළිබඳ සොයා බැලීමට පත්කළ මලල්ගොඩ කමිටුවේ වාර්තාව ද වෙනස් කරමින් ඔහුට තානාපති ධුරයක් ලබාදෙන බවට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියාසිටි බවයි.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්‍ෂිකරුගෙන් ප‍්‍රශ්න කළේ රාජ්‍ය බුද්ධි සේවයෙන් ආරක්‍ෂක ලේකම් වෙත එවා තිබූ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව වූ බුද්ධ තොරතුරු ඇතුළත් වාර්තා නිසි ලෙස පරිශීලනය කළේ ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් හේමසිරි ප‍්‍රනාන්දු මහතා දිගින් දිගටම ප‍්‍රකාශ කළේ තමන්ට රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් සෑම වාර්තාවක්ම කිසිදු විශ්ලේෂණයකට භාජනය නොකොට හුදු තොරතුරු පමණක් කොලයකට සීමාකර එවා තිබූ බවයි. එමගින් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට බැරි බව හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවා. ඔබ කියන විදිහට නිසි ආකාරව විශ්ලේෂණය කළ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය නොදුන්නා නම් ඇයි ඒ් ගැන ජනාධිපතිවරයා දැනුවත් නොකළේ යනුවෙන් කොමිසම මෙහිදී ප‍්‍රශ්න කළා. මට දිගින් දිගටම ලැබුනේ විශ්ලේෂණය නොකරපු වාර්තා වුණාට මං ඒ ගැන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කියන්න ගියේ නැහැ. මොකද ඒ ගැන තේරුම් ගන්න හෝ තවත් තේරුම් කරලා දෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ යනුවෙන් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවා.

ඔබ ජනාධිපතිවරයා අවතක්සේරු කරනවා ද යනුවෙන් කොමිසම යළි ප‍්‍රශ්න කළා. අවතක්සේරුවක් නොවෙයි ස්වාමීනී. එක්තරා රැස්වීමක දී මං කරපු ආන්දෝලනයට තුඩුදුන් ප‍්‍රකාශයක් ගැන වටේ හිටපු අය ඇවිත් ජනාධිපතිට බොරු කියල තිබුණා. ඊට පස්සෙ විශ්වාසයක් නැහැ කියලා මාත් එක්ක සෘජුව වැඩ කරන එක එතුමා නැවැත්තුවා. ඒ නිසා ඉල්ලා අස්වෙන්න හිටියේ. නමුත් ඊට කලින් පාස්කු ඉරිදා මේ අවාසනාවන්ත සිද්ධිය ඇතිවුණා.

රේඛීය අමාත්‍යාංශයේ ඇමති හා ලේකම් අතර සුහදතාව නැත්නම් වැඩ කරන්න බැහැ යනුවෙන් ද හේමසිරි ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළා.

 

views

1783 Views

Comments

arrow-up