කුවේටයේ සිටි ලාංකික කාන්තාවක් පහරදී මරලා – හාම්පුතුගේ සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයි

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ යෙදි සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇය සේවය කළ නිවසේ හාම්පුතුගේ සහ ඔහුගේ බිරිඳගේ පහරදීමකට ලක්වීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
ඇයගේ සිරුර එරට අම්රි රෝහලේ තබා ඇති බවයි එහි සඳහන් වුණේ.
මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි කාන්තාවක්.
සිද්ධියට අදාළව නිවෙස් හිමිකරු සහ එම පුද්ගලයාගේ බිරිඳගෙන් ප්‍රශ්ණ කෙරෙමින් පවතින බව සඳහන්.
මෙම සිද්ධියට තවත් පිරිස් සම්බන්ධ වී ඇත් ද යන්න සොයා විමර්ශණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
පිළිස්සුම් සහ කැපුම් තුවාල සහිතව බරපතල තත්වයෙනුයි ඇය රෝහලට ඇතුලත් කර ඇත්තේ.
අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර පැය කිහිපයකින් මෙම ශ්‍රී ලාංකික කාන්තාව මරණයට පත්ව තිබෙනවා.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා සිරුර යොමුකර ඇති අතර මෙම මරණයට හේතුව සොයා විමර්ශණ ක්‍රියාත්මකයි.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ කුවේටයේදී මෙලෙස ගෘහ සේවිකාවන් මරණයට පත්වූ පළමු අවස්ථාව ද මෙය නොවන බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද පිලිපීන ජාතික කාන්තාවක් නිවෙස් හිමිකරුවන්ගේ අපයෝජනයට ලක්වීමෙන් මරණයට පත්වුනා.
881 Views
Comments