දුම්රිය රියැදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ නිවාඩු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

දුම්රිය රියැදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ නිවාඩු

දුම්රිය රියැදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ නිවාඩු

අද මධ්‍යම රාති‍්‍රයේ සිට අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය අරගලයක නිරත වන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා.

 

එහි ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ දුම්රිය ප‍්‍රමාදයන් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් ඉලක්ක කර ගනිමින් අමාත්‍ය විමල් වීරවංශ කළ ප‍්‍රකාශයකට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති අරගලය සිදුකරන බවයි. 

 

දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් දුම්රිය තුළ රාජකාරී සදහා යෙදවීම නිසා දුම්රිය රියදුරන්ට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමට අවස්ථාවක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් දුම්රිය ප‍්‍රමාද කිරීම් සිදුකරන බවට විමල් වීරවංශ අමාත්‍යවරයා ඉකුත්දා ප‍්‍රකාශයක් සිදුකර තිබුණා. එහෙත් මෙම ප‍්‍රකාශය කිසිදු සත්‍යතාවකින් තොර බවයි දුම්රිය රියදුරන්ගේ සංගමය පැවසුවේ.

 

අද මධ්‍යම රාතී‍්‍රයේ සිට සිදුකෙරෙන වෘත්තීය සමිති අරගලය නිසා හෙට දුම්රිය ධාවනයට බාධා සිදුවිය හැකි බවට මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

views

699 Views

Comments

arrow-up