පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය සල්ලිමුනායි ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙක් සමඟ වෝටර්ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය සහ සේෆ්ටි ෆියුස් කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විධානය සහ කුච්චවේලි පොලීසිය එක්ව ත්‍රිකුණාමලය සල්ලිමුනායි ප්‍රදේශයේ සිදුකරන ලද මෙම විශේෂ මෙහෙයුමේදී වෝටර් ජෙල් කූරු 50 ක්, සේෆ්ටි ෆියුස් කොටස් 05 ක්, විදුලි නොවන ඩෙටනේටර් එකක් සහ අඩි 2 ක් පමණ දිග කඩුවක් සිය භාරයට ගත් බවයි නාවික හමුදා සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 41ක් සහ 50ක් වන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

views

841 Views

Comments

arrow-up