හෙට උදෑසන 5.00 සිට හුදකලාභාවය ඉවත් කරන ප්‍රදේශ මෙන්න

මේවන විට හුදෙකලා කොට ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව සහ රාගම යන ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හුදෙකලා භාවයේ පවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
මේ අතර වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් රන්සඳ සෙවණ නිවාස සංකීර්ණය, සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.
කෙසේ වුවත් ලබන බදාදා දිනයේදී දැනට හුදෙකලා කර ඇති සෙසු ප්‍රදේශවල තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදුකොට එම ප්‍රදේශ හුදෙකලා භාවයෙන් මුදා හරිනවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවද මෙහිදී හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
710 Views
Comments