පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

කොරෝනා අසාධිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇති බව සඳහන් කරමින් විවිධ කටකතා සහ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානාත්මකව පතුරුවන බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කර සිටිනවා.

 

එවැනි තොරතුරු වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

කොරෝනා අසාධිතයන් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් හෝ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

අසත්‍ය ප්‍රචාර සිදු කරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

 

 

 

views

713 Views

Comments

arrow-up