ගමේ චණ්ඩි ගැනත් බුද්ධි අංශ වාර්තාවක් පොලිස් මූලස්ථානයට

ග්‍රාමීය මට්ටමේ අපරාධකරුවන් හා ප්‍රචණ්ඩකාරී කල්ලි කණ්ඩායම් පිළිබඳ සහ කප්පම් කල්ලි පිළිබඳ සියළු විස්තර ඇතුලත් වාර්තාවක් මේ වන විට පොලිස් මූලස්ථානය වෙත ලැබී තිබෙනවා.
එම වාර්තාවේ තොරතුරු සියළු පොලිස්ථාන වෙත ලබාදීමට පියවර ගෙන ඇති අතර, ඒ ඔස්සේ ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ බලපුලුවන්කාරකම් පෙන්වමින් ක්‍රියා කරන චන්ඩින් සදහා අනුබල උපකාර දෙන අය ගැනත් පොලිසිය අවධානය යොමුකර තිබෙනවා.
අහිංසක ජනතාව භිතියට පත්කරන මෙම පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඇතුලත් මෙම වාර්තාව සම්පාදනය කර ඇත්තේ බුද්ධි අංශ සිදුකළ විමර්ශණයකට අනුවයි.
698 Views
Comments