කටුනායක ගුවන් තොටුපළ වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

කටුනායක ගුවන් තොටුපළ වසා දැමේ

කටුනායක ගුවන් තොටුපළ වසා දැමේ

කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා. කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්.

 

 

ඒ අනුව අද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

 

 

පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

 

 

මේ වන විට දඹදිව සංචාරය සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 1200 කට ආසන්න පිරිසක් යලි දිවයිනට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවලක් දියත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

 

views

1101 Views

Comments

arrow-up