ශ්‍රී ලංකාවටත් කේබල් කාර් ප්‍රවාහන සේවාවක් !
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

ශ්‍රී ලංකාවටත් කේබල් කාර් ප්‍රවාහන සේවාවක් !

ශ්‍රී ලංකාවටත් කේබල් කාර් ප්‍රවාහන සේවාවක් !

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවාවට නවමු අත්දැකීමක් එක්කරමින් පරිසර දූෂණයෙන් තොර කේබල් කාර් ප්‍රවාහන සේවාවක් ඇරඹීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

 

සයිට් හැඟින්ග්  කාර් සිස්ටම් හෙවත් කේබල් කාර් සේවාවක් ඇරඹීමට චයිනා රේල්වේ ගෘප් ලිමිටඩ් ආයතනය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

 

කුළුණුමත ඉදිවන තනිපීල්ලක ට්‍රෑම්ප් කාර් ලෙස සකස් කළ මෝටර් කාර් පද්ධතියක් මගින් ගමනාගමන පහසුකම් සැපයීමටයි  මෙමගින් සැළසුම් කෙරෙන්නේ.

 

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතාට උපදෙස් ලබා දුන්නා.

 

විදුලිබලයෙන් ක්‍රියාත්මක වන මෙම රථයක එකවර මගින් 11 දෙනෙකුට පමණ ගමන් කළ හැකියි.

 

මෙහි ආරම්භක ව්‍යාපෘතිය කොට්ටාව සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරන අතර හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදය අවම කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

 

මගීන්ට වඩාත් පහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් සැපයීමට මෙමගින් අපේක්ෂිතයි.

views

766 Views

Comments

arrow-up