ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් (18) දින රාත්‍රියේ සිට විවෘත කර තිබේ.

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සියළුම වාන් දොරටු ස්වයංක්රිතයව විවෘත වන නිසා ජලාශ වේලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලේ ජලාශයේ ජලය පරිහරණය කිරිමේදි සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබිමත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි වල ඇද හැලෙන ජල ධාරිතාවද ඉහල ගොස් ඇත.

 

views

719 Views

Comments

arrow-up