ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක වලට පූර්ව නායයෑමේ අවදානම් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක වලට පූර්ව නායයෑමේ අවදානම් නිවේදනයක්

ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක වලට පූර්ව නායයෑමේ අවදානම් නිවේදනයක්

පවතින තද වැසි හේතුවෙන් ගාල්ල සහ මාතලේ දිස්ත‍්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.



ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම, ගාල්ල, කඩවත් සතර, අක්මීමන, ඇල්පිටිය, නියාගම සහ බෝපේ පෝද්දල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සහ මාතලේ දිස්ත‍්‍රික්කයේ උකුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම අවදානම මතුව තිබෙන බව එම සංවිධානය සදහන් කළා.



එම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කදු හා බෑවුම් ආශ‍්‍රිතව ජීවත්වන්නන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවත්, රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානයන්හි පදිංචි ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යා යුතු බවත් සදහන්.

views

581 Views

Comments

arrow-up