චන්ද්‍රිකාගේ සංවිධායක ධූරය ගලවයි

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගේ ආසන සංවිධායක කමෙන් ඉවත් කිරීමට ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමතික තීන්දුවට පිටුපා යමින් සජිත් ප්‍රේමදාස හට සහය පළ කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කිරීම හේතුවෙන් ඇය දැරූ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටයි ඊයේ රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ.
ඊට අමතරව ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාසට සහය දැක් වූ එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
891 Views
Comments