මාර්තු මස සිට පොහොර නොමිලේ - කැබිනට් අනුමැතියත් ලැබෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

මාර්තු මස සිට පොහොර නොමිලේ - කැබිනට් අනුමැතියත් ලැබෙයි

මාර්තු මස සිට පොහොර නොමිලේ - කැබිනට් අනුමැතියත් ලැබෙයි

ලබන මාර්තු මාසයේදී ආරම්භ වන යල කන්නයේ සිට වී වගාව සඳහා නොමිලයේ පොහොර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

 

කුඹුරු හෙක්ටයාර දෙකක උපරිමයක් සඳහා යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී) යන පොහොර වර්ග නිර්දේශිත ප්‍රමාණයක් නොමිලයේ ලබාදීම  මේ යටතේ සිදුවන බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  ඊයේ (9) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින්.

 

දැනට පවතින පොහොර හිඟයට හේතුව පසුගිය කාලයේදී පොහොර ආනයනකරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 6 ත් 9 ත් අතර ප්‍රමාණයක් ගෙවා නොතිබීම බවද ඇමතිවරයා කියා සිටියා.

views

1083 Views

Comments

arrow-up