ලෝකයටම එකක් පමණක් ඇති කෲඩියා සෙලනිකා ශාකය දේවානි ජයතිලක මහත්මිය බේරා ගනී

ලෝකෙන්ම තුරන් වී ඇති බවට විශ්වාස කළ කෲඩියා සෙලනිකා (Crudia Zeylanica) නම් ශාකය ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමු වී තිබුණි.
මෙහි දුර්ලභ බවට සාක්ෂි සනාථ කරමින් රතු දත්ත පොතට පවා මෙහි නාමය ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
එම නිසාම මෙම ශාකය පිහිටි පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට පරිසරවේදීන්ගේ ද අවධානය යොමුව ඇත.
කඩවත සිට මීරිගම දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීමකට වෙන් වූ භූමි ප්‍රදේශයකයි මෙම අති දුර්ලභ ශාකය හමුවී තිබුණේ.
මෙම දුර්ලභ ශාකය පිළිබඳව හඳුනාගත් කාල සීමාව තුළ මධ්‍යම අධිවේගයේ ගමන් මාර්ගය එම භූමියේ ආසන්නයේදී යම් වෙනසක් කර ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට සාකච්ඡා කෙරුණා.
එසේ වුවද අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරතවන චීන සමාගම ඊයේ රාත්‍රියේ දී මෙම අති දුර්ලභ ශාකය ඉවත් කිරීමට සූදානම් වන අවස්ථාවේදී ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ගේ මැදිහත්වීමෙන් එය වැලැක්වීමට කටයුතු කර තිබුණා.
ශාකය එම ස්ථානයෙන් ගලවා ඉවත් කිරිම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එකගතාවයකට පැමිණ ඇති බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.
1349 Views
Comments