මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහලට

නව කොරෝනා වෛරසය වැලදී රෝහල් ගත කොට සිටි තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ මුළු රෝගින් සංඛ්‍යාව 104ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.
මෙරටින් කොරෝනා ආසාධිතයින් 310 දෙනෙක් වාර්තා වූ අතර ඉන් පුද්ගලයින් 199 දෙනෙක් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලබනවා.
අද පෙරවරු 10.00 වන විට රෝහල් ගත කොට ඇති සැකකටයුතු රෝගීන් සංඛ්‍යාව 148ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.
665 Views
Comments