"බුරවී" සුළි කුණාටුව අද දහවල් කාලය වනවිට මන්නාරම් බොක්ක වෙත - කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

"බුරවී" සුළි කුණාටුව අද දහවල් කාලය වනවිට මන්නාරම් බොක්ක වෙත - කාලගුණය

"බුරවී" සුළි කුණාටුව අද දහවල් කාලය වනවිට මන්නාරම් බොක්ක වෙත - කාලගුණය

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති "බුරවී" සුළි කුණාටුවේ කේන්ද්‍රය දෙසැම්බර් 02 දින රාත්‍රී 10.30 ත් 11.30 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළේ තිරියායි සහ කුච්චවේලී අතරින් ශ්‍රී ලංකා ගොඩබිමට ඇතුල් වුන අතර සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 70-80 පමණ වන අතර විටින් විට පැ. කි.මී. 90 දක්වා වැඩි විය හැක.

 

මෙය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙතඅද දහවල් කාලය වනවිට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

 

මේ සමග ඉදිරි පැය කිහිපය තුල සුළිකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවේ.

 

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි ඇතිවේ.

 

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

මෙම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසිද ඇතිවිය හැක.

 

සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ. කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිතදක්වා දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (60-70) පමණ වේ.

 

විටින් විට පැ.කි.මී. 80 දක්වා වැඩිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොන හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ. විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩිවිය හැක.

 

කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැක.

 

සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක.

 

මිගමුව සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල මුහුදු රළ මීටර් (2.0-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

 

 

 

views

798 Views

Comments

arrow-up