රාජිත වෙනුවෙන් නිත්‍යානුකූලව සටන් කරනවා – සජිත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

රාජිත වෙනුවෙන් නිත්‍යානුකූලව සටන් කරනවා – සජිත්

රාජිත වෙනුවෙන් නිත්‍යානුකූලව සටන් කරනවා – සජිත්

ආණ්ඩුව මේ එල්ලකර ඇත්තේ රාජිත සේනාරත්න මහතාගේ ජනතාවාදී දේශපාලනයට මෙන්ම සමගි ජන බලවේගයේ ජනහිතකාමී ප්‍රතිපත්ති සඳහාත් එල්ලකල මරුපහරක් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

 

ඒ මහතා සඳහන් කරන්නේ, සේනාරත්න මහතා සෑම විටම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවයි.

 

දේශපාලන කුහකත්වය, ඉරිසියාව මුල් කරගනිමින් ආණ්ඩුව මේ ගෙන යන ක්‍රියාමාර්ග හකුලා දමමින් අපක්ෂපාතී නිදහස් අධිකරණය හරහා සේනාරත්න මහතා වෙනුවෙන් යුක්තිය හා සාධාරනත්ව ඉටුවේයැයි අපේක්ෂා කරන බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ.

 

එමෙන්ම එල්ලවන සෑම ප්‍රහාරයක්ම සේනාරත්න මහතා සහ සමගි ජන බලවේගය විඳගනිමින් ඒ මහතා මුදා ගැනීමට කටයුතු කරන බවද හිටපු විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

views

835 Views

Comments

arrow-up