පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ දී ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සහය එපා-අකිල
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ දී ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සහය එපා-අකිල

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ දී ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සහය එපා-අකිල

කොවිඩ් නයින්ටීන් ව්‍යවසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසා දීමේදී ප්‍රාදේශීය දේශපාලනඥයින් ඒ සඳහා සහභාගී කර නොගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලීමක් කරයි.

 

ඔවුන් පවසන්නේ නිලධාරීන් ජනතාවට සහන සැලසීමේ කටයුතු මේ දක්වා නිසි පරිදි පවත්වාගෙන ගොස් ඇති බවයි.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ එදිනෙදා සල්ලි හොයා ගෙන ජීවත් වු ජනතාවට අද වන විට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි.

 

මෙවැනි තත්ත්වයක් තුළ රජය සහනාධාර සාධාරණ ලෙස ජනතාව අතරට බෙදා දීමට කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ මහතා පැවසීය.

 

පලාත් පාලන මන්ත්‍රීවරුන් ලවා සිදු කරන මෙවැනි කටයුතු සඳහා නිසි ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් සැකසිය යුතු බවද අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.

views

574 Views

Comments

arrow-up