පර්යේෂණ දත්ත රැස්කිරීමට ශ්‍රී ලංකාවෙන් උඩුගුවනට ගිය බැලුනය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

පර්යේෂණ දත්ත රැස්කිරීමට ශ්‍රී ලංකාවෙන් උඩුගුවනට ගිය බැලුනය

පර්යේෂණ දත්ත රැස්කිරීමට ශ්‍රී ලංකාවෙන් උඩුගුවනට ගිය බැලුනය

යම්කිසි ඉතිහාසයේ ප්‍රථම වතාවට වායුගෝලීය සංඝටක සහ කාලගුණික දත්ත රැස් කිරීමට පර්යේෂණ බැලුනයක් ගුවන් ගත කිරීමට සරසවි සිසුන් සමත් වුණා.

 

මෙවැනි බැලූනයක් ශ්‍රී ලංකාවේ ගුවනට මුදා හැරුණේ ප්‍රථම වතාවට බවයි පැවසෙන්නේ.

 

විදේශයෙන් ගෙන්වන ලද විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ තොරතුරු දත්ත රැස් කිරීමේ පද්ධතිය නියමිත පරිදි එකලස් කරමින් අද පෙරවරුවේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහලේ දී ගුවන් ගත කිරීම සිදුවිය.

 

කිලෝමීටර් හතලිහක් පමණ ඉහළ අහසට ගමන් කිරීමෙන් අනතුරුව බැලූනය පුපුරා ගොස් එහි සවිකොට තිබූ පැරශුට් එකක් මගින් ඉලෙක්ට්‍රොනික උපකරණ පොළොවට පතිතවූ තිබෙන බවයි වාර්තා වන්නේ.

views

718 Views

Comments

arrow-up