CIDය හිටපු ඇමති රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

CIDය හිටපු ඇමති රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගනී

CIDය හිටපු ඇමති රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගනී

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරන ගෙන තිබේ.

ඒ රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසේ දියි.

ඊයේ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ – 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස පරීක්ෂාවට ලක්වීමෙන් පසු එම ප්‍රකාශය ලබා ගෙන තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් හයක් තවදුරටත් ක්‍රියාත්මකයි.

 

views

759 Views

Comments

arrow-up