හමුදාවට එරෙහිව ආනන්දි ශශිධරන් ජිනීවා යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

හමුදාවට එරෙහිව ආනන්දි ශශිධරන් ජිනීවා යයි

හමුදාවට එරෙහිව ආනන්දි ශශිධරන් ජිනීවා යයි

උතුරු පළාත් හිටපු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ආනන්දි ශශිධරන් ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගීවීමට නියමිත බව වාර්තා වනවා. එහිදී ඇය විසින් ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ආනන්දි ශශිධරන් LTTE සංවිධානයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් හිටපු දේශපාලන නායකයා වන සී එලිලන්ගේ බිරිඳයි.

 

 

මේ අතර ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. එමිරේට්ස් ගුවන් සේයට අයත් යානයකින් අලුයම 02 යි 55 ට පමණ අමාත්‍යවරයා සමග 06 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ජිනීවා නුවර බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

 


30 - 1 යෝජනාවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගනු ලැබූ තීරණය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් විසින් ජිනීවාහි පැවැත්වෙන මෙවර මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා

views

723 Views

Comments

arrow-up