නිවසේ ගංජා වැවූ කෘෂි රියැදුරා මාට්ටු

නිවසේ වගා කර තිබූ ගංජා ගසක් සමග අගුණුකොළපැලැස්ස එරමිණියාය පිහිටි කෘෂි පර්යේෂණ ආයතනයේ රියදුරෙකු බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුණුකොළපැලැස්ස එරමිණියාය පිහිටි කෘෂි පර්යේෂණ ආයතනයේ රියදුරෙකු ලෙස කටයුතු කරන බෙලිඅත්ත සියඹලාගොඩ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගේ නිවසේ ගංජා වගා කර ඇති බවට බෙලිඅත්ත පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම් වැටලිම සිදුකර ඇත.එහිදි සැකකරුගේ නිවසේ වගා කර තිබූ ගංජා ගසක් සමග සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.
152 Views
Comments