නාමයෝජනා ප්‍රතික්ෂේප වූ දමිතා සජබ ජාතික ලැයිස්තු පුටුවක් ඉල්ලයි

පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක් දැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය විමසයි.
අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ එවැනි සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුවානම් පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඒ වෙනුවට තමන්ගේ නම ඇතුළත් කරන ලෙසටය.
187 Views
Comments